මිහින්තලෙන් උදේ පාන්දරම බස් එකකට නැග ගත්ත අපි කුකුළත් අතින් අරගෙනම අනුරාධපුරේට ආවා. ආපු ගමන්ම කලේ ලගම තිබ්බ හෝටලයකට රිංගලා බඩකට පුරව ගත්ත එක...
අනුරාධපුරේ ස්ටේශන් එක ගාව ඉදන් ඉද්ද ගැහුවා වගේ පාර යන්නේ ජය ශ්‍රී මහා බෝධිය ළගට . අපි හතර දෙනාත් ශ්‍රී මහා බෝධිය ලගට වෙලා ටික වෙලාවක් හිටියේ අනුරාධපුරේ අපේ එක්කෙනෙක් වෙච්චි දිල්ශාන් එනකම්. බෝධිය ගාව ඉන්නකොට දැනෙන හැගීම අපිට වෙන තැනක ඉන්නකොට දැනෙන්නේ නෑ.ඒක ඒ තරමටම විශේෂයි. අපි පහළ මලුවේ ප්‍රාකාරයේ ගල් වල වාඩි වෙලා ටික වෙලාවක් බෝධිය වදින්න ආපු මිනිස්සු දිහා බලන් හිටියා.

ශ්‍රී මහා බෝධිය
රුවන්වැලි මහා සෑය |
විජයබාහු මාළිගය |
ඊට පස්සේ අපි රුවන්වැලි මහා සෑය වැන්දා .එතන ඉදන් පිලිවෙලට ථූපාරාමේ , විජයබාහු මාලිගාව ,අභයගිරිය , මිරිසවැටිය , කුට්ටම් පොකුණ , සමාධි බුදු පිළිමය අපේ ගමනාන්ත වුණා.
කුට්ටම් පොකුණ |
සමාධි බුදු පිළිමය |
ඒ තිබ්බ රස්නෙත් එක්ක වතුර ටිකකින් සැනහෙන්න කියලා අපි අභය වැවට ( බසවක්කුලමට ) බැස්සා .. නාගරීකරණයේත් මිනිස්සුන්ගේ වැරදිත් නිසා අනුරාධපුරේ වැව් වලට වෙලා තියෙන වින්නැහිය අපිට වතුර ටික දැක්කම දැනුණා.
අභය වැව ( බසවක්කුලම වැව ) |
ඊට පස්සේ අපි අපේ අන්තිම ගමනාන්තය වෙච්චි ජේතවනාරාම දාගැබට ආවා. ඒ වෙද්දි හරි මහන්සියි. දිල්ශාන්ලගේ ගෙදරට ගොඩ වැදිච්චි අපි තේකක් එහෙම බීලා එහෙම්ම නව නගරය බස් නැවතුමට ආවේ කැකිරාවට යන්න බලාගෙන. රෑ 7 ට විතර ඉපලෝගම රණවිරු ගම්මානය ගාවින් බැස්ස අපි රණවිරු ගම්මානේ ඇතුලේ තිබ්බ දුලාජ්ලගේ නැන්දලාගේ ගෙදරට ගියා..
ඊළග දවසේ උදේම වගේ අපි ඒ ළග තියෙන මහ වැවට ගියා නාන්න. 100 % සහතික වෙන්න පුලුවන් පිරිසුදුම පිරිසුදු වතුර පිරුණු නිල් කැටේට වතුර තිබුණු මහ වැව අපි ඉන්නේ අනුරාධපුරේ කියන එක මොහොතකට අමතක කෙරෙව්වා. වැවේ එක කොනක් මායිම් වෙන්නේ වන වදුලු වලට..

මහ වැව |
ඈත මහා ප්‍රාකාරයක් වගේ නැගිටලා ඉන්න රිටිගල කදු පේනවා.. ඒ දර්ශනයම ඇති රිටිගල කන්ද නගින්න ආසා හිතෙන්න. ටිකක් හවස් වෙද්දි අපි මායි මධුවන්තයි ගෙවල් වලට එන්න ආවා. දුලාජුයි ඉසුරුයි කැම්පස් එකට පිටත් වුණා.
අනධ්‍යන කාර්‍ය මන්ඩලයට පින් සිද්ධ වෙන්න අපි අත්දැකීම් සමූහයක් අපිට එකතු කරගත්තා.
අනධ්‍යන කාර්‍ය මන්ඩලයට පින් සිද්ධ වෙන්න අපි අත්දැකීම් සමූහයක් අපිට එකතු කරගත්තා.
No comments:
Post a Comment