Thursday, December 21, 2017

බතලේගල හෙවත් නටන්නට කඳු නැගීම ..

              ඒ මට මතක විදිහට 2014..ජනවාරි.. A/l  එහෙම දෙවෙනි පාර ඉවර වෙලා හිටපු කාලේ .. අපේ උන් ටික ඒ කාලේ එකතු කරගන්න එච්ච අමාරුවක් නෑ.. කාලෙකින්  කට්ටියම කන්දක් නැගලා තිබ්බේ නැති හින්දා  නගින්න කන්දක් හොය හොය  ඉද්දි තමා අපිට බතලේගල යන් කියන අදහස ආවේ.. හැබැයි පොඩි පුරස්නෙකට තිබ්බේ අපිට ලේසි වගේම පහසු ගමන් විදිහ උන කෝච්චියේ මේ ගමන යන්න බැරි කම.. ඕන් ඒකත් කමක් නෑ කියලා ගමනට ලෑස්ති වුණේ  අපිට වේයන්ගොඩින්ම බස් එකට නගින්න පුලුවන් හින්දා.. අන්තිමට කොහොම හරි  උදේ බස් එකට සෙට් වෙමු කියපු තැනට අපේ අන්තිම එකත් එනකොට  ඒ  වෙලාවට තිබ්බ බස් එක එතනින් ගියා විතරයි..  හැමදාමත් වගේ අංජන අන්තිමටම කට්ටියට  සෙට් වුණා.. ඊට පස්සේ ඉතින් අංජනට කට්ටිය මුකුත්ම නොකියා නිට්ටඹුවට යන්න බස් එකට නැග්ගා.

 නිට්ටඹුවෙන් බස් එකක නැගලා මාවනැල්ලෙන් අරණායක බස් එකක ගෙවිලිපිටිය හන්දියෙන් බැස්සා.. එතන ඉදන්  ඇතුළට තියෙන දෙබත්ගම පාරේ යන්න ඕනේ බතලේගලට යන්න.. ගෙවිලිපිටියෙන් උදේට කන්න ඔය අනන් මනන් වගයක් එහෙම අරගෙන බස් එකකට ගොඩ වුණා.. හත්ගම්පළ හන්දියෙන් බැහැලා එතනින්ම දකුණට තියෙන කොන්ක්‍රීට් කරපු පාරේ කට්ටිය ගමන පටන් ගත්තේ එතනම තියෙන පන්සලටත් ගොඩ වැදිලමයි..

                                          පාර පටන් ගන්න තැනම තියෙන පන්සල ,ඈතින් ඌරා කන්ද පෙනේ .

කන්ද නගින්න පටන් ගන්න පැත්තට මේ අපි යන්නේ බතලේගල කන්ද පැත්තටද කියලා හිතාගන්න අමාරු තරමටම  වෙනස් විදිහට පේන්නේ . සුද්දෝ මේකට බයිබල් රොක් කියලා කියනවා..  ආහ් තව මේකට පුංචි සීගිරිය කියලත් කියනවා..ඇත්තටම නුවරට කෝච්චි පාරත් මහ පාරත් වැටිලා තියෙන පැත්තට පේන්නේ මේක සීගිරිය වගේමයි..  අපේ අනිත් පැත්ත දර්ශනය සම්පූර්ණයෙන්ම වගේ වැහිලා තිබ්බේ ඌරා කන්දෙන්.. අන්න ඒ කන්දේ තමා හිටපු  ඇමතිවරයෙක් වුණ  අශ්රොෆ්  මහතා ගිය හෙලිකොප්ටරය වැදිලා විනාශ වුණේ. ඌරා කන්ද තමා ඒ හරියට තියෙන උසම කන්ද .. සාදික්කා , කරාබු නැටි ගස් වවපු තවමත් පරණකම රැදිලා තියෙන  සාම්ප්‍රදායික   ගෙවල් අස්සෙන් යන පාර අහවරක් වෙන තැනට අපි එනකොටත්  හොදටම හෙම්බත්  වෙලා.තාම කන්ද පාමුල..  මග එද්දි තමා බලන්න තිබ්බේ අපේ උන්ගේ කැටයම්..  අපේ අයට වැඩියෙන්ම මහන්සි මග එන ගමන් ගහපු පොටෝ වලට පෝස් කරලා.. ඔශාන් පියාඹන්න  හදපු පොටෝ එකක් එහෙමත් තිබ්බා මට ලාවට වගේ මතකයි.. හේ හේ ..

 ඔෂාන්ගේ සහ දිනේෂ්ගේ   ෆොටෝ  ගැනිල්ල

පාර ඉවර වෙන තැන ඉදන් කැලේ.. කැලේ කිව්වට ඔය යාල විල්පත්තුව වගේ එකක් නෙමේ .. ඒ පොඩි කැලේ මැදින් යන්න තියෙන අඩි පාර දිගේ අපි යන්න පටන් ගත්තා.. පරණද අලුත්ද කියලා හිතාගන්න බැරි ගල් පඩි කිහිපයකුත් මගදි හම්බුණා.. අඩි පාර ඉවර වෙන තැන ඉදන් අපි ගල දිගේ උඩට ආව. එතනට එනකම් තිබ්බ මහන්සිය අපිට හිතාගනනවත් බැරි විදිහට නැති උණේ සබරගමු මිටියාවතේ ඈතට දිවෙන නිල්ලයි.. කන්ද උඩරට පැත්තට තියෙන කදු යායයි දැකලා .. ඇත්ත්ටම ඒ ලස්සන වචන වලට හරවන්න බෑ .. ඒක විදින්න ඕනේ ලස්සනක්.. ඒක ආදරේ හිතෙන ලස්සනක්.. ඒක කෙනෙක්ගේ හිත සුවපත් කරවන ලස්සනක්..



 සබරගමු    අලංකාරය

බතලේගල කදු මුදුනක් නෑ.. තියෙන්නේ.. තැනිතලාවක්.. අපි අඩි පාර වැටිලා තිබ්බ දිහාටම ගියා.. ඒ යන අඩි පාර බාගෙට හද හදා තිබුණ පන්සලක් ගාවින් ඉවර වුණා.. ඉතින් අපිත් ගමන නවත්වනවද් මිත්‍ර වරුණි... නෑනේ.. අපි එතනිනුත් එහාට ගිහින් ගල් තලාවක නතර වුණා.. එතන ඉදන් බැලුවම උතුරෙන් යෝධයෙක් වගේ නැගිටලා ඉන්නේ අලගල්ල කන්ද තව මාවනැල්ල ටවුම .. ඊසාන පැත්තෙන් කඩුගන්නාව දුර්ගය , නැගෙනහිරෙන් අම්බුලුවාව කන්ද ,ගිණිකොනින්  අසුපිණි ඇල්ල   ලස්සනට පේනවා..















 බතලේගලට පෙනෙන සුන්දරත්වය


 අපි ටික වෙලාවක් එතන ඉදලා පැත්තක තිබ්බ ගස් අස්සෙන් පල්ලෙහාට  ගියේ ගල් ගුහා තියෙනවා කියලා ආරංචි වුණ හින්දා. එතන මාර තැනක් ගල්ගුහාව ඉස්සරහ පිට පොඩි මිදුලක් වගේ තියෙනවා..  ඒ මිදුල ඉවර  වෙන්නේ  මීටර් 100 විතර මොහොර බෑවුමකින්..  අපි එතනට වෙලා දවල්ට කෑවා..  කෑවට පස්සේ අපේ අයගේ පිස්සු තද වෙලා... අපි විතරයි පැත්ත පළාතටම හිටියේ කට්ටිය සිංදු දාගෙන ගජ රාමෙට නටනවා..  තව පොඩ්ඩෙන් උදයන්ත බඩ පිනුමක් ගහනවා.. මීටර් 100 ක් විතර පල්ලෙහාට...




















අපි එන්න පිටත් වුණා.. එදා බස් අඩුයි කියලා ආරංචියට අපි පයින්ම ගෙවිලිපිටියට ආවා.. එතනින් මවනැල්ල හරහා වේයන්ගොඩට ආවා..
කොළඹ ඉදන් පොඩි වෙලාවකින් යන්න පුලුවන් තැනක්.. ඒ වගේම තමා  ඒ දේවල් රසවිදින්න පුලුවන් උදවිය විතරක් යන්න ඕනේ තැනක්..  වැස්ස වෙලාවට නම් බතලේගල යන්න හොද නෑ කියලා තමා කියන්නේ.. කන්ද උඩට අකුණු ගහනවලු..
දැනටත්  නුවරට යද්දි  බතලේගල කන්ද දකින වාරයක් පාසා ඒ සුන්දර ගමන මතක් වෙනවා.. දැන් වෙද්දි නම් බතලේගලට ඉතාම ආසන්නයේ  අරණායක වෙච්ච් භයානක නාය යාමේ මතකයනුත් පේන්න තියෙනවා..

ගමන ගිය උදවිය  වමේ ඉදන්  ඉහළ පෙල  තාරුක ,ඔෂාන් ,දිලුම් ,උදයන්ත 
                                  පහළ පෙල  දිනේෂ් ,රවිඳු,අංජන ප්‍රසාද් ,ඉසුරු  
 

3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. Hope we'll be able to see more and more new articles. Good job Dhananjaya☺

    ReplyDelete