"" හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න ...
මා නොදකින ඒ පුන්සඳ ඔබට හැකිය දකින්න .. ""
මා නොදකින ඒ පුන්සඳ ඔබට හැකිය දකින්න .. ""
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට සම්බන්ධ ඒ ගීතේ ඇතුලේ හන්තානට පායන හඳ විශේෂ කරලා පෙන්නන හින්දා පේරාදෙණියේ දවස් කිහිපයක් නැවතිලා ඉන්න මනුස්සයගේ පටන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, පේරාදෙණිය ටවුන් එකේ, ඊරියගම, ගන්නෝරුව , මීවතුර , කුරුදුවත්තේ ,ගෙලිඔය ,පැනිදෙණිය ඔය ඕනෙම පැත්තක ඉන්න කෙනෙක්ට හන්තාන උඩින් පායගෙන එන සදවතිය දැක්කම අමුතු රොමාන්තික හැගීමක් එනවා..
ඒත් ඔය එකී මෙකී නොකී හැම කෙනාටම අමතක වෙන අහුවෙන්නේ නැති දේ තමා හන්තානට පායන ලා හිරු රැල්ලේ ලස්සන. ඔය ලස්සන විදින්න ගිය අපේ නඩේ කතාව තමා මේ..
ඒත් ඔය එකී මෙකී නොකී හැම කෙනාටම අමතක වෙන අහුවෙන්නේ නැති දේ තමා හන්තානට පායන ලා හිරු රැල්ලේ ලස්සන. ඔය ලස්සන විදින්න ගිය අපේ නඩේ කතාව තමා මේ..
කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේ පළවෙනි සෙමෙස්ටර් අන්තිම විභාගේ මැද හරියේ යනකොට අපේ කට්ටිය කසු කුසු ගාන්න ගත්තා කොහෙ හරි යමන් කියලා.. ඒත් එකෙක්ටවත් යන්න ඕනෙ කොහෙද කියලා හරි අදහසක් තිබ්බේ නෑ... ඔන්න ඔය අස්සේ අපේ කාගෙන් හරි අදහසක් ආවෙ අඩෝ රෑ හන්තානේ නගිමුද කියලා .. සමහරු මුලින් පස්ස ගැහුවත් අන්තිමට විභාගේ ඉවර වෙන්න දවසකට කලින් වෙද්දි කට්ටියම ගමනට යන්න පේවෙලා ඉවරයි..
විභාගේ අන්තිම දවසේ ඉවර වුණ ගමන් මායි වරුණයි නුවර ගියා .. ගෙනියන්න ඕනෙ බඩු ටිකකුත් අරගෙන මාළිගාවටත් භාරයක් වෙලයි ආවෙ.. මොනවා වුණත් ටිකක් අමාරු ගමනක්නේ..
වරුණ (මද්දු), ඔසඳ (ගැටයා), චම්පික ( වාසු), ප්‍රභාශ්වර ( මොත්තෙ), ඩිලාන් (නින්ජා) මුලින්ම පෙරගමන් ඇරඹුවා.. ඊට පස්සේ මායි , කවිදුයි (ලෑටි), රන්දිකයි (සියාතු), සුමුදුයි (කැටයා) පිටත් වුණා .. අන්තිමට මදුවන්තයි (කොට්ටා), කෙමින්ද (ඔසාමා), කුශාන් (රිටා) සහ වර්ණක (ගිකු) අවසානයටම ගමන් ඇරඹුවා..
මඤ්දඤොක්කා දන්සල |
එදා දවස ගැන කතා කරනවා නම්.. ඇත්තටම එදා හන්තානට උඩින් හද බැබලි බැබලි තියෙන්න ඕනේ දවසක්.. ඒත් අපේ වෙලවටම වගේ තමා අහස සම්පූර්ණයෙන්ම කලු කරලා පොඩි වැස්සක් වහින්න ගත්තේ.. කමක් නෑ ඉස්සරහට ගිය එක ආයේ පස්සට හැරෙන්නේ නෑ කියලා හිතාගෙන අපි විජේවර්ධන එක ඉස්සරහින් AHS එක් පැත්තට හැරුණා. අපි කොහොමත් මුල ඉදලම හිතාගෙන හිටියේ අමායා හොටෙල් එක පැත්තෙන් ගිහින් නගිනවා කියලා .. මොකද ඒ පැත්තෙන් ගියොත් පාර වරදින්න තියෙන්නෙ ඉතාම කුඩා සම්භාවිතාවක් නිසා. කොහොමහරි අපි AHS එක ගාවින් අමායා හොටෙල් එක පැත්තට ගමන පටන් ගත්තා. මතක විදිහට එදා පොසොන් පොසොන් එකට පස්සේ දවස .. අපිට ත් හම්බුණා හොද මඤ්ඤොක්කා දන්සලකුයි කෝපි දන්සලකුයි ..
කෝපි |
ඒ මිනිස්සුන්ගේ තිබ්බ හොදම ගති ගුණේ තමා අපි යන්නේ කොහෙද කියලා දැනගත්තට පස්සෙත් අපිට් කිසිම බාල්දියක් දාපු නැති එක. මඤ්ඤොක්කා දන්සලෙන් පාර්සලුත් බැදලා දුන්නා මගදි කන්න කියලා.
" පරිස්සමට යන්න මේ දවස් වල කොටියෙක් ඉන්නවා " කියලා එක මනුස්සයෙක් කිව්වම හිත් චුට්ටක් හෙල්ලිලා ගියත් අපි අපේ ගමන නවත්තන්න හිතුවෙ නෑ..
අපේ තනි නොතනියටද මන්දා මේ පේරදෙණියට ආවේණික පොද වැස්ස අපිත් එක්ක දිගටම දිගටම හිටියා අමාය හොටෙල් එක හරියට එනකල්ම. අමායා එක ගාවින් ගුරු පාරට හැරෙද්දි වැස්ස නැවතිලා පහළ නුවර අලුත් පාරේ යන වාහන වල එලියත් නුවර සානුව පුරා විහිදිච්ච ගෙවල් වල විදුලි පහන් එලියත් අමුතුම ලස්සනක් එකතු කරා අපි හිටිය පරිසරයට.. කට්ටිය සැරට සීතල තියෙයි කියලා ඇදගෙන ආපූ ජර්සි එහෙම ගලවලා දැම්මේ වැස්ස නතර වීමත් එක්ක ඇග පුරා දහඩිය උනන්නට වීම නිසා. ඉදිරියෙන්ම ගිය වාසු පාර වැරදීමෙන් ගිය ගමන නතර කරේ සොහොන් කොතක් හම්බ වෙලා. ඒත් ඒ සොහොන් කොත දැක්කට පස්සේ වාසුටත් වඩා බය වෙලා හිටියේ වෙන එකෙක් .. අපේ අයට මතක ඇති ඒ කවුද කියලා...
ගුරු පාර අවසන් වී අපි කැලෑ රොදට ඇතුල් වන විටම වාගේ ආයෙත් පොද වැස්ස වසින්නට වූ නිසා අපිට පෙරට වඩා කරදර වලට මූන පාන්නට සිදු වුනේ අපේ රුධිරයේ උණුසුම දැනී හතර අතින් ක්‍රියාත්මක වූ කූඩැලි මිත්‍රයන් නිසාය. එයිනුත් වැඩි වශයෙන් කූඩැලි මිත්‍රයන්ගෙන් සංග්‍රහ ලැබූ නින්ජා හන්තාන නැග්ග හැටි අපේ කට්ටියට තාමත් මතක ඇතැයි කියලා මම හිතනවා..
වර්ශාව නිසා යන මගේ මැටි පස ලිස්සනට වූවත් හන්තානේ මුදුන මත පිහිටා ඇති සන්නිවේදන කුලුනු වල සිට මහනුවර නගරයට සන්නිවේදන සංවාහක කම්බි රැගෙන යන යකඩ බටයේ අත්වාරුවෙන් අපි ඉදිරියට ගමන් කළෙමු. විටක අපෙන් එකෙක් දෙන්නෙක් යන විට බිම බඩගාන්නට වූවත් දළදා සමිදු පිහිටෙන් හා ආරක්ෂාවෙන් කිසිදු උපද්‍යවයක් නොමැතිව අපි පළමු සන්නිවේදන කුළුණ අසලට පැමිණියෙමු.
වෙලාව රාත්‍රී 11 ය. වර්ශාව මදක් තුරල් වී මද වැස්සක් බවට පෙරලී තිබිනි. ජංගම දුරකතන වලින් විදුලි පහන් දල්වාගෙන ගියත් එක්වර සිදුවන වර්ශාව හා සීතල නිසා ජංගම දුරකතනද එක්වර විසන්දි වීම සිදුවූයෙන් එතැන් පටන් ඉතාමත් ප්‍රවේශමෙන් ඉදිරියට අඩිය තැබිය යුතුය. මක් නිසාද යත් එතැන් පටන් අපි අනිවාර්‍යෙන්ම හන්තාන මුදුන මත අඩිපාර මතම පමණක් ගමන් කල යුතු හෙයිනි. අඩි පාරෙන් අඩියක් එහායින් හෝ අඩිය තැබුවහොත් එය ජීවිතයේ අවසාන අඩිය වීමට ඇති ඉඩකඩ බොහෝය.
උදෑසන පෙරවරු 1 වන විට අපි විවෘතව පැතිරුණු ආනත ගල්තලාව මතට ( CP 2 ) මතට පැමිණියෙමු.. අපේ ගමනාන්තයට ළගාවුනෙමු. දැන් පැය තුනක් හෝ හතරක් අපේ අභිප්‍රාය ඉටු කරගන්නට බලා සිටිය යුතුය. ගල් තලාව මත නිසා අපේ කූඩැලි මිතුරන්ගෙන් අපි මද සහනයක් ලැබුවෙමු. සියලු දෙනාම වාගේ කූඩැල්ලන් ඉවත් කර සීතල අවම වන ලෙස සිය ඇගලුම් දාගනිද්දි වැහි කබාය පමණක් සිය එකම ඇදුම කරගත් එකෙක්ද අපි අතර විය.
පොද වැස්සද සීතලද මීදුමද හුළගද කවිවලට ලස්සන වූවාට ඇත්තටම එයට එක වර මූන දෙන්නට වෙන කොට ඇත්තටම ඒවායේ බිහිසුනු බව අපිට දැනේ.. අපි එය හොදින්ම අත්වින්දෙමු. අහලක පහලක ගසක සෙවනක් හෝ නැති නිසා ගල් තලාවේ තැන් තැන් වල ඇති ඉතා කුඩා පදුරු වලට මුවා වුන අපි කුඩ ඉහලාගෙන පරිසරයෙන් ඇති වන බාධා ගනන් නොගෙන එක එක ඒවා ගැන කියවන්නට ගත්තේ කා දැමීමට තවත් පැය දෙක තුනක් තිබූ නිසාය.
බොහෝ දෙනා සිරි පතුල වැද පුදා ගන්නට යන්නේ ඉර සේවය නැතහොත් මුල්ම හිරු කිරණ විදගන්නටද බලාපොරොත්තුවද සමගිනි. පාන්දර 5 පමණ වන විට ඈත පෙරදිගින් තැඹිලි පැහැ හිරු කිරණ යාන්තමින් කදු අතරින් සිනාසෙන්නට වූවෙන් අපි සියලු දෙනා ගල් තලාවේ ඉහල මුදුනතට ආවේ ඒ හිරු එලියේ ආගමනය විදීමට රිසියෙනි.
මුල්ම ඉරු කිරණ |
තැඹිලි පැහැ ගත් හිරු කිරණ පහළ ඈත තැනිතලාවට උඩින් වලාකුල් අතරින් සුන්දරතම දසුනක් විදහා පාන විට මෙය දැක ගැනීමට අප විදි දුක් කම් කටොලු මොහොතකට අමතක විය. වචනයෙන් කියා න්නිම කල නොහැකි සුන්දරත්වයක් මුලු පරිසරය පුරාම රැදී තිබිණි.
වලාකුලට උඩින් |
වලාකුලට උඩින් |
මුදුනතෙන් බටහිර දිසාවේ යන්තමින් එබී ගත් හිරු කිරණයෙන් ආලොකමත් වූ තැනිතලාවේ අලගල්ල අම්බුලුවාව ආදී කදු පැහැදිලිව නෙත් කාච මත පතිත විණි.
ඉර එලියට දිලිසෙන හන්තාන කදු වැටිය |
බටහිරේ අලගල්ල, ඌරා කන්ද පෙනේ |
තවත් මද වෙලාවක් සුන්දරත්වයේ ගැලී වුන් අපි පහළට ගමන් කර හන්තාන ආරාමය අසලින් පහළට ගමන් ඇරඹීමු. ගැමියෙකුගෙන් අසා ගත් කැලෑ බද මගකින් උඩ පේරාදෙණියට ගොස් සරසවි දොළන් දාහය නිවාගත් අපි දහවල් වන විට සරසවි නේවාසිකාගාරයට පැමිණියේ ජීවිතයේ අමතක නොවන මතකයක් හිත් හි රදවා ගනිමිනි.
කට්ටිය |
ඡායා රූප - ඔසද සහ කෙමින්ද