පෙරුම් පුරාගෙන ඉදලා ඉදලා කාලෙකට පස්සේ කට්ටිය කොහේ හරි යන් කියලා කතා වුණේ.. ඔය අස්සේ තමා කවුරුහරි අදහසක් දැම්මේ අලගල්ලේ යන් කියලා.. මධුවන්තගේ ගානේ ටෙන්ට් එක හම්බෙනවා කිව්ව හින්දා අපිත් කට්ටිය 6 ක් විතර ගමනට සෙට් වෙලා හිටියේ.. exam එක ඉවර වුණ ගමන් සිකුරාදා හවස අපි පිටත් වෙමු කියලා හිතාගෙන හිටියත්.. අපේ මධුවන්තගේ ටෙන්ට් එක එද්දී හවස 2 ත් පහු වෙලා..
කලින් දෙපාරක් අලගල්ල නැගලා තිබ්බත් මේ පාර අපි තෝරගත්තේ පොත්තපිටියට ගිහින් යන පාර.. කලින් දෙසැරේම මන් ගිහින් තිබ්බේ ඉහළ කෝට්ටේ හරහා කෝච්චියේ ඇවිත් .. කොහොමහරි අපි ඒ කිව්වේ මධුවන්තයි, ඉසුරුයි , දුලාජුයි , සුමුදුයි , ඔසඳයි ,මායි ටෙන්ට් එක හම්බුන ගමන්ම ඇවිත් පේරාදෙණියෙන් පොත්තපිටිය බස් එකක නැග්ගා..
පොත්තපිටියට බස් එකේ එනවානම් ක්‍රම දෙකක් තියෙනවා එකක් පිළිමතලාව හරහා අනික කඩුගන්නාව හරහා තව රඹුක්කනින් හරි ගලගෙදර පැත්තෙන් එනවා නම් හතරලියද්දට ඇවිත් පොත්තපිටියට එන්නත් පුලුවන්..
පොත්තපිටිය කියන්නේ හුදකලා පොඩි නගරයක් හැබැයි හැමදෙයකම වගේ ගන්න කඩ තියෙනවා . මොකද අහල පහල ගොඩක් දුරකට යනකම් ජීවත් වෙන මිනිස්සුන්ට තියෙන ලොකුම ටවුම තමා පොත්තපිටිය.පොත්තපිටියෙන් අපි අපිට ඕනෙ කරන හැම දේම ගත්තා.. ආයේ විශේෂයෙන්ම කියන්න ඕනේ දේ තමා අලගල්ල උඩට ගියාට පස්සේ වතුර හොයාගන්න තැනක් ඇත්තෙම නෑ. අපි රෑට කෑම හදන්න බඩු , ගින්දර පත්තු කරගන්න ඕනේ කරන කලමනා ඔක්කොම පොත්තපිටියෙන් ඇරන් අලගල්ලට කියලා දන්වලා තියෙන පාර දිගේ යන්න ගත්තා.. ඒ පාරේ ගමන පටන් ගද්දිම අපිට අලගල්ල කන්ද විරාජමානව පේන්න ගත්තා.

යන අතරමග |
අපිට මුලින්ම හම්බෙන්නේ අලගල්ල තේ කර්මාන්තශාලාව. අලගල්ල කන්දට නගින තැනටම වෙනකම් පැතිරිලා තියෙන්නේ අලගල්ල තේ වත්ත. අපි කිලෝමීටර් 3 ක් විතර ගිහින් කන්ද නගින්න පටන් ගන්න තැනට ආවා. අනිත් කදු වගේ නෙමේ මේකේ විශේෂත්වය තමා නගින්න තියෙන්න තරමක දල බෑවුමක් දිගේ. ඒක ටිකක් වෙහෙසකරයි. අපි ටික දුරක් නගිද්දි තමා අපේ සුමුදුට වැඩේ ඇති වුණේ.. කාලෙකින් මහන්සි නොවුණ හින්දා පොරට හෙනටම අමාරු වුණා. කීප වතාවක්ම මන් ආපහු යන්නම් කියලත් කිව්වා.. 😂😂 ඒත් අපි කොහොමහරි මනුස්සයව මොරාල් කරගෙන උඩට ගෙනාවා. කොහොමින් කොහොමින් හරි අපි උඩට එද්දි කරුවල වැටිලා පල්ලෙහා සබරගමු මිටියාවතේ තැන් තැන් වල පත්තු වුණ එළි විතරක් ලස්සනට පෙණුනා.
අලගල්ල උඩ සාමාන්‍යය කන්දකට වඩා වෙනස් ගොඩක්ම තියෙන්නේ විවෘත ප්‍රදේශය. ඒකෙ ඉලුක් මානා පැගිරි ගස් වලින් වැහිලා තිබුණේ . කොරේ පිටට මරේ කිව්වා වගේ උඩට ගිය ගමන් මාර මීදුමකුත් ආවා අපිට කිසි දෙයක් පේන්නෙ නැති වෙන්නම. වෙලාවට මන් කලින් ගිහින් තිබ්බ හින්ද උඩ ගැන යම් තරමක් දැනුමක් මට තිබ්බා. මොකද අලගල්ල කන්ද දිගේ යනවනම් යන්න තියෙන පාර තියෙන්නේ කන්දේ මොහොර බෑවුමට ගොඩක් ලගින්.. අපි ටෝච් ගහගෙන ඒ බෑවුම ආසන්නයේ තියෙන අඩිපාර දිගේ ඉස්සරහට ගියේ ටෙන්ට් එක ගහගන්න තැනක් හොයගන්න.. හොදට හුළං මූනතක් විදිහට ගස් වැවුනු පොඩි විවෘත තැනක අපි ටෙන්‍ට් එක ගහන්න ගත්තත් කූඩැල්ලෝ අපිට හෙනම වදයක් දුන්නේ.. අපි ලුණු චුට්ටක් එහෙම පාවිච්චි කරලා ටෙන්ට් එක ගැහුවා..
ඊට පස්සේ අභියෝගේ වුනේ ගින්දර පත්තු කරගන්න එක. ඔසද හෙනම මහන්සියක් වෙලා ගිනිමැලේ ගැහුව හින්දා රෑට කන්න නූඩ්ල්ස් හදාගන්නත් අපිට අමාරු වුණේ නෑ..
අමාරුවෙන් ගහගත්ත ගිනිමැලේ |
රෑ කෑම නූඩ්ල්ස් |
ඊළග දවසේ උදේ පාන්දරම අපි ටෙන්ට් එකෙන් එලියට ඇවිත් බලනකොට දැක්කේ වෙනම ලෝකයක්.. එලියේ තිබ්බ ගස් වැල් ඔක්කොම මීදුමෙන් වැහිලා ගිහින්.. පිනි වැටිලා ඒ ගස්වල අතු අග කොල දිලිසෙනවා.. ඒ අතරින් හිමි හිමින් ඉර එලියත් ගස් අතරින් වැටෙනවා..
ටෙන්ට් එක ගහපු තැන |
අලගල්ල මුදුන් ගල |
අපි ටික වෙලාවක් ඒ සුන්දරත්වේ විඳලා බඩු ටිකත් පැක් කරගෙන අහල පහලත් හොදට සුද්ද කරලා අපේ ගමන පටන් ගත්තා ආයේ. ලංකාවේ දැන් වෙද්දී කදු නගින්න යන ප්‍රමාණය ඉතාමත් ඉහළයි. මොකද මේ වෙද්දී ඒක trend එකක් වෙලා තියෙන්නේ.. කන්දක් නගින ගිහින් ටෙන්ට් එකක රැයක් ගත කරලා එනවා වගේම තමා අපේ පරිසරයට ආදරය කරන්න පරිසරය රැක ගන්න ඉගෙන ගන්න ඕන කියලත් අපිට දැනෙන්න ඕනේ.
පූජාගලට යන ගමන් |
අපේ දැන් ගමනාන්තය අලගල්ල කන්ද දිගේ ගිහින් පූජාගලට ගිහින් එතනින් පහළට බහින්න ගංගොඩ ස්ටේශන් එක ගාවට. උදේ පාන්දරම ගමන පටන් ගත්ත හින්දා හැම තැනම පිනි වලින් තෙමිලා තිබ්බේ.. හැම තැනම තෙතමනය තියෙනවා කියන්නේ කූඩැල්ලොත් ඒ තැන්වල ඇති වෙන්න ඉන්නවා කියන එක . අපි ලුණු මිශ්‍රණයකුත් හදාගෙන පුලුවන් තරම් වේගෙන් ඇවිදගෙන ගියේ කූඩැල්ලොන්ට ලේ දන් දෙන්න හිතේ කිසිම ආසවක් තිබ්බේ නැති නිසා.
පූජාගල උඩ දාගැබ |
පූජාගල උඩ සිරිපතුල |
සබරගමුවේ සුන්දරත්වය |
සබරගමුවේ සුන්දරත්වය |
නිදහස |
අපි වැහි කලුවකුත් ඈත බතලේගල ඌරාකන්ද පැත්තෙන් මතුවී ගෙන ආපු හින්දා පය ඉක්මන් කරා. ගංගොඩ දුම්රිය ස්ථානය ගාවට එද්දි දවල් වෙලා. අපිට කෝච්චිය අල්ලගන්න ඕනෙ උනත් ඊළගට තියෙන කෝච්චිය ගංගොඩ නවත්තන්නේ නැති හින්දා අපි ඒ ආපු ගැම්මෙන්ම ඉහළ කෝට්ටේ ස්ටේශන් එක වෙනකම් ආවා.
එතනින් ආපු කෝච්චියේ නැගලා අපි අපේ අලගල්ල සංචාරේ ඉවර කරා.