ට්‍රිප් යන එක ගැන දැන් කතා කරද්දි ඒක දැන් කරන්න බැරි වැඩක් වගේ පෙනුනට ඉස්සර මීට අවුරුදු 3 කට 4 කට කලින් නම් ඒක එහෙම වුණේ නෑ. ඒ කාලේ A/l කරලා results එහෙමත් ඇවිත් තිබුන කාලේ.. කොහෙ හරි යන් කොහෙ හරි යන් කිය කිය කට්ටියම යන්න තැනක් හොය හොය හිටියේ.. ඒ අස්සේ තමා මම පොතක් තිබුන පුංචි නයගරාව කියලා හදුන්වල තියෙන ගලබොඩ කියලා දිය ඇල්ලක් ගැන දැනගත්තේ.. කොහොම කොහොම හරි internet එකෙන් පොටෝ එකකුත් හොයාගෙන කට්ටියට පෙන්නුවට පස්සේ කට්ටියම හා කියලා ගමන ලෑස්ති කරගත්තේ.. ඒ 2014 , ඒ කාලේ ගලබොඩ කියන එක කවුරුවත්ම එච්චර දන්නේ නැති හැංගුනු වස්තුවක් වගේ වෙලා තිබුණේ.
ප්‍රසාද් , දිලුම්, ඉසුරු,උදාර, චාමර ,දීගල, දිනිදු ,හසාරා ,මහේශිකා අක්කයි තව සමාධියි අපේ කට්ටියම කොහොම කොහොම හරි ගමන යන දවසේ සෙට් වුනා. කට්ටියම උදේම තියෙන පොඩි මැණිකේ කෝච්චියට නැග්ගේ හරියට ගලබොඩ මේ කෝච්චිය නවත්තනවද කියලා දන්නෙත් නැතුව.😂😂
ප්‍රසාද් , දිලුම්, ඉසුරු,උදාර, චාමර ,දීගල, දිනිදු ,හසාරා ,මහේශිකා අක්කයි තව සමාධියි අපේ කට්ටියම කොහොම කොහොම හරි ගමන යන දවසේ සෙට් වුනා. කට්ටියම උදේම තියෙන පොඩි මැණිකේ කෝච්චියට නැග්ගේ හරියට ගලබොඩ මේ කෝච්චිය නවත්තනවද කියලා දන්නෙත් නැතුව.😂😂
එදා එච්චර සෙනග හිටියෙත් නැති නිසා අපිට මාර නිදහසක් තිබුන හින්දා අපි දිගටම සිංදු කිය කියා ගියෙත්. නාවලපිටිය පහු වුණාට පස්සේ තියෙන දෙවෙනියට හම්බෙන ස්ටේශන් එක. ඔන්න ඔහොමයි ගූගල් අපිට කියලා තිබ්බේ.. ඉතින් නාවලපිටිය පහුවුණාට පස්සේ හම්බුන්වෙන ඉඟුරුඔය ඉදන්ම අපි විමසිලෙන් බලන් ආවේ ගලබොඩ හම්බෙන්නේ කොයි වෙලේද කිය කිය. ගලබොඩ කෝච්ක්ජිය නවත්තපු ගමන්ම බැහැගත්ත අපි මුලින්ම කරේ ස්ටේශන් මාස්ටර් හම්බෙලා ගලබොඩට යන පාර අහගත්ත එක..
ගල්බොඩ දුම්රිය ස්ථානය |
ගල්බොඩ දුම්රිය ස්ථානය |
ගලබොඩ කියන්නේ මුහුදු මට්ටමේ ඉදන් තරමක් උසකින් තියෙන සාමාන්‍යයෙන් විශාල ස්ටේශන් එකක්.. පැත්තක් තියෙන පරණ බඩු ගබඩාවත් ස්ටේශන් එකේ කොනකට වෙන්න තියෙන පරණ වතුර ටැංකියත් උඩරට ස්ටේශන් වලට ආවේණික තේජස් ගතියත් ස්ටේශන් එකේ තියෙන නෙත්කලු බව වැඩි කරවලා තියෙන්නේ.. ඒ වගේම ඒ තියෙන දේශගුනේටම හරියන්න පිපුණු ලස්සන මල් වලිනුත් ස්ටේශන් එක තවත් ලස්සන කරනවා. ලංකාවේ බරින් වැඩිම වතුර තියෙන්නේ ගලබොඩ කියලත් ඒ වතුර ගන්නම හාරපු ලිදක් ස්ටේශන් එක ගාව තියෙනවා කියලත් ඒ වතුර ඒ කාලේ කෝච්චියෙන් කොළඹට ගෙනිච්චා කියලත් අපිට එහෙදි අහන්න ලැබුනා.
ස්ටේශන් එක ගාවින් ආයෙත් දුම්රිය පාරට බැහැලා නැවත් නාවලපිටිය දිහාවට මීටර් 500 ක් විතර ආ විට දකුණු අත පැත්තට පඩි පෙලක් එක්ක තියෙන අඩි පාරේ උඩට යන්න කියලා තමා අපිට මාර්ගෝපදේශක්ත්වය ලැබිලා තිබුනේ.
රේල් පාර දිගේ යන ගමන් |
ඉතින් එතනින් අපි ගොඩ වෙන්නේ තේ වත්තකට.. මල්ලිලා වගයක් කැලේට හැදිලා තිබුනු ඇඹුල් පේර ගොටු වගයක් ඇරන් පාරට ආවේ අපිව දැකලා .. ඒ ඇඹුල් පේරත් කන ගමන්ම ඒ ගුරු පාර දිගේ අපි ඉස්සරහට යද්දි දැක්ක සුන්දර දසුනක් තමා දුම්රිය මාර්ගයේ අපි පහු කරන් ආපු බිංගෙය ඉතා ඉහලක ඉදලා බලන්න හම්බෙන එක.
අපිට ටික ටික දිය ඇල්ලේ රාවය ඇහෙන්න ගත්තා, ඒ වෙලාවේ කකුල් වලට එහෙම දැනිලා තිබුන වේදනාව මොහොතකට අමතක වෙලා ගියා. දිය ඇල්ල අපිට පෙනෙන් මානෙට ආවේ ඊට පස්සේ.. වතුරෙන් ස්වයංපෝශිත වෙලා තිබුන දිය ඇල්ල ඇත්තටම හිතට මාර සතුටක් ඇරන් ආවේ..
සුන්දරිය |
අහම්බෙන් හරි අපි හරි වාසනාවන්තයි කියලා හිතුනේ ඒ කැලේ මැද්දේ හැංගිලා තිබුනු ලස්සන බලන්න අපිටත් වාසනාවක් ලැබුනු හින්දා. දැන් වගේ පහසුකම් ගලබොඩ නෑ ඒ කාලේ.. සංගිලි පාලමක් තිබුනේ නෑ.. අපි ඔය හරහා එහා පැත්තට ගියේ.. දිය ඇල්ල ගාවට යන්න බෑ ඒ කාලේ.. හැංගිච්ච අඩි පාරවල් වගයක් විතරයි තිබුනේ.. අපි සීතල කියලා බලන්නේ නැතුව හරි ලස්සනට ගලාගෙන යන ඔයේ බැහැලා නා ගත්තා.. සමහර අයට නම් සීතල වැඩි වෙලා තව පොඩ්ඩෙන් හෙන හෙන කරදර වෙනවා..😂😂😂
කොහොම හරි අමාරුවෙන් දිය ඇල්ල ගාවින් අපි සමු ගත්තේ අපිට යන්න තිබුන අන්තිම කෝච්චියට කොහොම හරි යාගන්න ඕනේ නිසා. කොහොම හරි මුකුවත් කන්නෙවත් නැතුව දුවගෙන දුවගෙන ඇවිත් අපි කෝච්චියට නැගගත්තා.. ඒ නැගලා කෝච්චියේ බිම ඉදගෙන කට්ටිය කෑම කාපු හැටි මතක් වෙද්දි තාමත් හිනා යනවා..
කොහොම හරි අමාරුවෙන් දිය ඇල්ල ගාවින් අපි සමු ගත්තේ අපිට යන්න තිබුන අන්තිම කෝච්චියට කොහොම හරි යාගන්න ඕනේ නිසා. කොහොම හරි මුකුවත් කන්නෙවත් නැතුව දුවගෙන දුවගෙන ඇවිත් අපි කෝච්චියට නැගගත්තා.. ඒ නැගලා කෝච්චියේ බිම ඉදගෙන කට්ටිය කෑම කාපු හැටි මතක් වෙද්දි තාමත් හිනා යනවා..
කට්ටිය කනවා |
ඔන්න ඔහොම අපි ඒ සුන්දර දවස අවසන් කරා.
ගලබොඩ කියන්නේ එක දවසින් ගිහින් එන්න පුලුවන් සොදුරුම ස්ථානයක්. යන්න ,හැබැයි අඩි සටහන් විතරක් තියලා එන්න.. මොකද ඒ දේවල් අපි කාටවත් අයිති දේවල් නෙමේ..