ඒ වෙද්දී ඒ සෙමෙස්ටරේ මිඩ් එක ළං වෙලා තිබුනේ . ඒත් අපිට අහම්බෙන් වගේ අපේ පරණ පිනක් කඩන් වැටිලා පොඩි වැඩ වර්ජනයක් ඇවිත් සතියක විතර නිවාඩුවක් සෙට් වුණා. වෙන එවුන් නම් කරන්නේ ඒ බෝනස් එකෙන් තමන්ගේ විභාගෙට මොනව හරි සෙතක් කරගන්න එකනේ ඒත් අපේ ගොඩක් එවුන්ට වාසනාවටද නැත්නම් අවාසනාවටද දන්නේ නෑ එහෙම හිතෙන්නේ නෑ . මම ගෙදර ආවේ අපේ අයගේ හරි තීරණයක් නොතිබ්බ හින්දා .. ඔන්න ඔය අස්සේ තමා දුලාජ් කිව්වේ උන්ගේ ගමේ යමු කියලා.. ඌ ගම කියලා කියන්නේ අනුරාධපුරේ කියලා .. පස්සේ අනුරාධපුරේ කොහෙද කියලා ඇහුවම මැදවච්චියෙලු ..😂 ඒත් ඇත්තටම අපි ගියාට පස්සෙයි දැනගත්තේ මැදවච්චියෙනුත් වෙනම බස් එකක ගිහින් පයිනුත් කිලෝ මීටර් 3 ක් විතර යන්න ඕනේ ..
මුලින්ම අපි 5ක් සෙට් වුණා යන්න.. හැබැයි යන්න හදද්දී එකෙක් ගෙදර තීන්ත ගාන්න පටන් ඇරන් .. ඒ තීන්ත බාස්ව හලලා ඉසුරුයි මධුවන්තයි දුලාජුයි අපේ ගෙදරට සෙට් වුණා. රෑ 8 ට තියෙන තලෛ මන්නාරම් කෝච්චියට නගිද්දී අපි තීරණය කරලා තිබ්බේ යන ගමන් කෙලින්ම තලෛ මන්නාරම් තොටටම යමු කියලා. කෝච්චියේ සෙනග අඩුයි.. හොදට අත පය දිග අරගෙන යන්න පුලුවන්.. මන්නාරම පහු වුණාට පස්සේ අපේ අය දොරවල් ගාව ඉදන් එළිය බලාගෙන ගියත් ලොකු දෙයක් පැහැදිලිව දකින්න තරම් එලියක් තිබ්බේ නෑ .එතකොට පාන්දර 4 ට වත් නෑ .අපි තලෛ මන්නාරම් තොටින් බහිද්දි පාන්දර 4 යි.
මුලින්ම අපි 5ක් සෙට් වුණා යන්න.. හැබැයි යන්න හදද්දී එකෙක් ගෙදර තීන්ත ගාන්න පටන් ඇරන් .. ඒ තීන්ත බාස්ව හලලා ඉසුරුයි මධුවන්තයි දුලාජුයි අපේ ගෙදරට සෙට් වුණා. රෑ 8 ට තියෙන තලෛ මන්නාරම් කෝච්චියට නගිද්දී අපි තීරණය කරලා තිබ්බේ යන ගමන් කෙලින්ම තලෛ මන්නාරම් තොටටම යමු කියලා. කෝච්චියේ සෙනග අඩුයි.. හොදට අත පය දිග අරගෙන යන්න පුලුවන්.. මන්නාරම පහු වුණාට පස්සේ අපේ අය දොරවල් ගාව ඉදන් එළිය බලාගෙන ගියත් ලොකු දෙයක් පැහැදිලිව දකින්න තරම් එලියක් තිබ්බේ නෑ .එතකොට පාන්දර 4 ට වත් නෑ .අපි තලෛ මන්නාරම් තොටින් බහිද්දි පාන්දර 4 යි.
තලෛ මන්නාරම් තොට දුම්රිය ස්ථානය පෙරවරු 4.06
ඒ වගේ කාර්යක්ශම තැනක් මං මීට කලින් දැකලා නෑ. කෝච්චිය නවත්තද්දි ස්ටේශන් එකේ කට්ටිය එලියට බැහැලා බරටම වැඩ.. ඒත් විනාඩි 5 ක් ගියේ නෑ කට්ටියම එහාට මෙහාට වෙලා ස්ටේශන් එකේ ලයිටුත් ඕෆ් කරලා ඉවරයි .. අපි ස්ටේශන් එකෙන් එලියට ඇවිත් ලංකාවේ සිතියමේ අර උඩ තියෙන පොඩි අතක් වගේ කෑල්ලේ කොන බලන්න අඳුරෙම නිකම් ඉවෙන් වගේ හොයාගෙන ගියා. අපි පාර ඉවර වෙන තැනට ගියාට පස්සේ ටිකක් එහායින් මුහුද තියෙනවා කියලා දැනුනෙ රැල්ල ගහන සද්දේ ඇහුන හින්දා ( එතකොටත් කලුවරයි.) .අපි ආපහු එද්දි තමා ක්ලික් වුණේ අපි ඇවිදන් ගිහින් තියෙන්නේ ආමි කෑම්ප් එකක් ගාවින් කියලා .. ඒ වෙලාවේ තමා අපිට දෙලොව රත් වුණේ ...පස්සේ ඔහොම්මම ඇවිදන් ඇවිත් අපි කඩේක පිළකට වෙලා හිටියේ මන්නරමට යන්න බස් එකක් අල්ල ගන්න. ආපු පළවෙනි CTB බස් එකේ අපි මන්නාරමට ආවා.
මන්නාරමේදි කරපු පළවෙනි දේ තමා කඩේකට ගොඩ වෙලා බඩ පුරවගත්තු එක .මන්නාරම කියන්නේ හෙනම නිදිබර අලස නගරයක් .. අපි ටිකක් ටවුන් එකෙන් එලියට ආවා තල්අඩි පාලම බලන්න .
තල් අඩි පාලම
යුද්ධය ඉවර වුණාට පස්සේ හදපු මන්නාරම් කලපුව හරහා වැටිච්චි දිග පාලමක් ඒක..ඊට පස්සේ ඒ ළගම තියෙන ඕලන්ද කොටුව බලන්නත් ගියා..
ඕලන්ද කොටුව
සම්පූර්ණයෙන්ම වගේ ගරා වැටිලා තියෙන බලකොටුවේ බිත්ති ටික් එහෙම තාම ඉතුරු වෙලා තියෙනවා. ඉංග්‍රීසි යුගයේ ගොඩක් දේවල් අපිට දකින්න හම්බුනත් ඊටකලින් තිබ්බ ලංදේසී යුගයේ ඒවා එච්චර සුළබ නෑ. ඒ තිබ්බත් තියෙන්නේ මුහුද කිට්ටුව. මන්නාරමේ තියෙන සුවශේෂම ශාක වර්ගයක් තමා " බයෝ බැබ් " ගස් .ඒවා දකුණු අප්‍රිකාවේ ඉදන් අරාබි වෙලෙන්දෝ ගෙනාවා කියලා තමා කට්ටිය කියන්නේ. අපි මන්නාරම ස්ටේශන් එකට එන්න පිටත් වුණා... ලුණු හදන්න හදලා තියෙන ලියදි , තල් අතු හෙවිල්ලපු පොඩි පැල්පත් සහ බූරුවෝ අපි ස්ටේශන් එකට යනකම්ම දකින්න හම්බෙනවා.මන්නාරම දුම්රිය ස්ථානයේ දැන් දකින්න හම්බෙන්නේ යුද්ධයට පස්සේ ගොඩ නගපු අලුත් ගොඩනැගිලි . මාර නිදහස් සහ ලස්සන වටපිටාවක තමා ස්ටේශන් එක තියෙන්නේ.
මන්නාරම දුම්රිය ස්ථානය
කොළඹ යන කෝච්චියට අපි නැග්ගේ මැදවච්චියට එන්න. ඒ එන කිලෝමීටර් 60 කට විතර ස්ටේශන් 10 ක් වත් නෑ.. යෝධ වැව ආසන්නයෙන් කෝච්චිය එන හරිය තමා ගොඩක්ම ලස්සන.. කොහොමහරි අපි මැදවච්චියට ඔන්න මෙන්න කියලා තියෙද්දි කෝච්චිය හදිසියේම නැවැත්තුවා. බලද්දි දුම්රිය ගේට්ටු කරුවොන්ගේ වැඩ වර්ජනයක්.
අපි යකාවැව කියන දුලාජ්ගේ ගමට ආවේ ටිකක් දවල් වෙලා. ඒ ආපු ගමන්ම අපි ගමේ මහ වැවට ගිහින් නෑවා . වැවකට ගියාම බඩ දන සහ දනක් විතර වතුරේ බැහැලා පීනන එක්කෙනෙකුත් අපිත් එක්ක හිටියා 😂😂 .
ටිකක් හවස්වෙලා අපි මැදවච්චියට ගියේ මහනුවර යාපනය A 9 මාර්ගය ආසන්නයේම පිහිටලා තියෙන ඉසෙන් බැස්සගල රජමහා විහාරය බලන්න යන්න..පොඩි ගිරි කුලක පිහිටලා තියෙන මේ පන්සලට අපි යද්දි ගොම්මන් කලුවර වැටිලා. තරමක් උස් බිමක් හින්දා අංශක 360 ක දර්ශන පථයක් මෙතන්ට අහුවෙනවා.. බටහිර ක්ශිතිජයේ ලා රතු පාටට බැහැලා ගිය ඉරේ අවශේෂ ඒ වෙද්දිත් පෙනුනා. දකුණු පැත්තෙන් අපිට ආලෝකයෙන් ආලෝකමත් වුණු මහා දාගැබ් පෙණුනා.
ඊළග දවසේ උදේම අපි මැදවච්චියේ ටවුන් එකට ආවේ පොඩි වැඩකටත් එක්ක.. ඒකට මුලු උදේ වරුවම නගරය පුරා කරක් ගැහුව අපි දවල් වෙද්දි මිහින්තලේට ආවා.මිහින්තලේ කියන්නෙත් අනුරාධපුරේ වගේම දවසක් වුණත් බලන්න දේවල් තියෙන තැනක් .ගොඩක් දෙනෙක් මිහින්තලේ ඇවිත් ආරාධනා ගල විතරක් නැගලා ආපහු යනවා .මිහින්තලේ පූජා භූමිය ඇරඹෙන තැනම වගේ පුරාණ රෝහලක අවශේෂ තියෙනවා..
රෝහලේ නටබුන්
අපි ඒ තැන ගැන උනන්දු වෙනවා දැක්ක පුරා විද්‍ය එකේ සේවක මහත්මයෙක් අපිට ඒ ගැන කියලා දුන්නේ ඉතාම සවිස්තරාත්මකව. දැන් අත්තිවාරම විතරක් ඉතුරු වෙලා තිබුනට ඉස්සර කොව්චර නම් කාර්‍ය් බහුල වෙලා තියෙන්න ඇත්ද කියලා ඒ වෙලාවෙදි හිතුනා.මිහින්තලේට ඇතුල්වෙන්න තියෙන අරලිය ගස් වලින් හෙවන වෙච්චි ගල්පඩිපෙළ දිව්‍ය ලෝකේට ඇතුල්වෙන දොරටුවක්දෝ කියලත් හිතෙනවා.
කණ්ඨක චෛත්‍යයට සමහරු ගියත් ඒ ආසන්නයේ තියෙන ගුහා පද්ධතිය කාගෙවත් ඇස ගැටෙනවා අඩුයි. ඒ ගුහා ආසන්නයට මිහිදු චෛත්‍යය පේනවා ලස්සනට.අපි ඊලගට කලුදිය පොකුණත් බලලා මිහිදු චෛත්‍යයට ගොඩ වුණා.මිහින්තලේ ආරාම සංකීර්ණයේ උස තැනක් වෙන මෙතනට පේන්නේ අමුතුම ලස්සනක්.
කලුදිය පොකුණ
කණ්ඨක චෛත්‍යය
අපි සෙනග අඩු වුණ ඇසිල්ලෙම ආරාධනා ගලට නැග ගත්තා. ඒකත් අමුතුම අත්දැකීමක් , කලුවර වැටිලා තියෙද්දී සුළං ප්‍රවාහයකට මැදි වෙලා ඉන්න එක.
දෙවෙනි දවසත් ඒ විදිහට කෙලවර වුණා . අපි සැලසුම් කරලා තිබ්බේ ඊලග දවසේ උදේම අනුරාධපුරේට ගොඩ බහින්න ..
මතුවට..